මැති ඇමැති රට ගමන්වලට සීමා | දිනමිණ

මැති ඇමැති රට ගමන්වලට සීමා

  • සංචාරවලට අත්‍යවශ්‍ය නිලධාරීන් පමණයි
  • ජනපතිගේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

මේ තීරණය ගෙන ඇත්තේ දැනට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අසීරු ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණින් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

ඒ අනුව අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කෙරේ.

එවැනි සංචාරයන් සඳහා අත්‍යවශ්‍යම නිලධාරියා හෝ අදාළ සංචාරයේ රාජකාරි කටයුතු සඳහා අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය කිහිපදෙනකුගෙන් සමන්විත කණ්ඩායම පමණක් සහභාගි කරවා ගත යුතු බවටත් තීරණය වී ඇත.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

රන්මලී සෝමසිරි

නව අදහස දක්වන්න