HUAWEI CONNECT 2022 ගෝලීය සංසදය බැංකොක්හිදී | දිනමිණ

HUAWEI CONNECT 2022 ගෝලීය සංසදය බැංකොක්හිදී

ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් Huawei සමාගම වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රමුඛතම වැඩසටහනක් වන 'HUAWEI CONNECT' සැසියේ 7 වැන්න වන 'HUAWEI CONNECT 2022' සැසිය බැංකොක් නුවරදී ආරම්භ කෙරිණි. ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන ආකාරය, ඩිජිටල් ආර්ථික සංකල්පය ප්‍රවර්ධනය සහ ශක්තිමත් ඩිජිටල් සංස්කෘතියක් ගොඩනැංවීම යන අරමුණු මූලික කර ගනිමින්, ලොව පුරා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, විශේෂඥයන් හා හවුල්කරුවන් 10,000කගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙවර සැසියේ තේමාව වූයේ ‘ඩිජිටල්කරණය මුදාහැරීම‘ (Unleash Digital) යන්නයි.

මේ අවස්ථාවෙහිදී Huawei සමාගම විසින් පුළුල් පරාසයක විහිදී ඇති ව්‍යාපාරික ක්ෂේත්‍රයක් ඔස්සේ ඩිජිටල් සංවර්ධනය ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් ගන්නා ලද පියවර පිළිබඳ පැමිණ සිටි පිරිස දැනුම්වත් කරන ලද අතර, ගෝලීය වෙළෙඳපොළ වෙත නව Cloud සේවාවන් 15කට අධික සංඛ්‍යාවක් නිකුත් කිරීමද සිදු කෙරිණි. සැසිය ආරම්භයේදී Huawei සමාගමේ සභාපති කෙන් හූ මහතා ඩිජිටල් පරිවර්තනය සඳහා බලපා ඇති පොදු බාධක බිඳ දැමීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය වෙත සහයෝගය දෙන ක්‍රමවේද 3ක් පිළිබඳ ගෙනහැර දක්වමින් ප්‍රධාන දේශනය ඉදිරිපත් කළේය. මේ උත්සවයේදී Huawei Cloudහි ප්‍රධාන විධායක නිලධාරි සැන්ග් පින්ගැන් මහතා ඉන්දුනිසියාවේ සහ අයර්ලන්තයේ නව Huawei Cloud කලාප ආරම්භ කිරීම පිළිබඳ නිල වශයෙන් නිවේදනය කළේය. 2022 වසර අවසානය වන විට Huawei Cloud සේවාව ලොව පුරා කලාප 29ක කොට්ඨාස 75ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, රටවල් 170කට වැඩි ප්‍රමාණයකට සේවා සැපයීමටද අරමුණු කරයි.

 

නව අදහස දක්වන්න