HNB ‘සරු ගෙවත්ත’ කොළඹට | දිනමිණ

HNB ‘සරු ගෙවත්ත’ කොළඹට

දිනෙන් දින ශීඝ්‍රයෙන් ඉහළ යන ආහාර මිල හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල පිහිටි තට්ටු නිවාසවල ගෙවතු වගාව දිරිමත් කරමින් ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමි බැංකුව වන හැටන් නැෂනල් බැංකුව බිම් මට්ටමේ සිටින මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය නැවත නඟා සිටුවීමේ ප්‍රයත්නයන්ට සහාය දීම සඳහා වන සිය ප්‍රමුඛතම වැඩසටහනක් වන ‘සරු ගෙවත්ත’ කොළඹ නගරයේ තෝරා ගත් බැංකු ඒකක නවයක් පුරා පසුගියදා ක්‍රියාත්මක කළේය.

මේ වැඩසටහනේ පළමු අදියර මධ්‍යම පළාතෙන් ආරම්භ වූ අතර, එහි දෙවැනි අදියර වූ මෙය දිස්ත්‍රික් මට්ටමේ කෘෂිකාර්මික කාර්යාල සම්බන්ධ කර ගනිමින් පසුගියදා HNB වැල්ලවත්ත පාරිභෝගික ඒකකයේ දී පැවැත්වුණු අතර, එදිනම ඊට සමගාමිව තිඹිරිගස්යාය, බම්බලපිටිය, හෙට්ටි වීදිය, කොල්ලුපිටිය, ග්‍රීන් පාත්, ප්‍රධාන කාර්යාලය, මුතුවල් සහ කොටහේන යන HNB බැංකු ඒකකවලදීද මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.

මේ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැවැති විශේෂ උත්සවයට HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සන්ජේ විජේමාන්න, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී - CHRO/CTO, එල්. චිරන්ති කුරේ, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි-නීති (අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්), තුෂාරි රණවීර, HNB සහකාර සාමාන්‍යාධිකාරි ක්ෂුද්‍ර මූල්‍ය, විනෝද් ප්‍රනාන්දු, HNB සහකාර සාමාන්‍යාධිකාරි - SME කේ. ඉන්ද්‍රවාසන්, HNB කලාපීය ව්‍යාපාර ප්‍රධානි-කොළඹ, සෝමස්කන්ද ශර්මා නරේන්දිරන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල් අබේරත්න, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරිනී ශිරෝමි රත්නායක, ගොවිජන සේවා සහකාර නිෂ්පාදන සහකාර රංජිත් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

නව අදහස දක්වන්න