ඇමැති අලි සබ්රි අමෙරිකා ජනපති හමුවෙයි | දිනමිණ

ඇමැති අලි සබ්රි අමෙරිකා ජනපති හමුවෙයි

විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යා ආචාර්ය ජිල් බයිඩන් හමුවී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය අතරතුර සංවිධාන කර තිබූ රාත්‍රි භෝජන සංග්‍රහයේදී මේ හමුව සිදුව ඇත.

ඇමැති අලි සබ්රි විසින් අද (24) නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකා ප්‍රකාශය ඉදිරිපත් කෙරේ.

මේ සංචාරය අතුරතුරදී ඇමැති අලි සබ්රි මහතා අමාත්‍ය මට්ටමේ හමු කිහිපයක්ම ඇමතීමට කටයුතු කළේය.

ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැඟීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම, 77 වැනි කණ්ඩායමේ සාමාජික රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීම, ගෝලීය සංවර්ධන මුලපිරීමේ මිත්‍ර කණ්ඩායමේ අමාත්‍ය රැස්වීම සහ එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන්හි විදෙස් කටයුතු අමාත්‍යවරුන් සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡාවල ඇමැති අලි සබ්රි මහතා නිරතව තිබේ.

පී.කේ. බණ්ඩාර

නව අදහස දක්වන්න