හෙක්ටයාර් 60කට ව්‍යාප්ත වූ කාශ්මීරයේ මිදි ගම්මානයක් | දිනමිණ

හෙක්ටයාර් 60කට ව්‍යාප්ත වූ කාශ්මීරයේ මිදි ගම්මානයක්

හෙක්ටයාර් 60ක වපසරියකින් යුතු දැවැන්ත මිදි වගාවක් ඉන්දියාවේ මධ්‍යම කාශ්මීරයේ ගන්දර්බාල් දිස්ත්‍රික්කයේ රෙපෝරා ග්‍රාමයේ පිහිටා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. කාශ්මීර් මිදි ගම්මානය ලෙස ප්‍රකට මේ අතිවිශාල මිදි වගාව සාර්ථක කර ගැනීමට අවට ප්‍රදේශවාසින් සියලු දෙනාගේම දායකත්වය ලැබෙන බවත්, එමඟින් ඔවුන්ගේ ජීවිකා වෘත්තිය ද සරු වී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

රෙපෝරා නමින් හඳුන්වනු ලබන මේ මිදි වර්ගය රසවත් බවින් දෙවැනි වන්නේ ඉතාලියේ මිදිවලට පමණක් බව ද වැඩිදුරටත් වාර්තා වේ.

වසර ගණනාවක් පුරා ගුණාත්මක මිදි වගා කිරීමෙන් රෙපෝරා ගම්මානයේ මිදිවලට ජාත්‍යන්තර වෙළෙඳපොළක් නිර්මාණය වී ඇති අතර, එම ගම්මානයේ ජනගහනයෙන් 90%ක්ම මිදි වගාවට සම්බන්ධ වී සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් මේ වසරේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මිදි අස්වනු නෙළීම කලින් ආරම්භ කර ඇත. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව එක් මිදි ගෙඩියක බර ග්‍රෑම් 15ක් විය යුතු අතර, රෙපෝරා මිදි ගෙඩියක බර ග්‍රෑම් 14-15 අතර මට්ටමක පවතින බව ද වාර්තා වේ.

 

නව අදහස දක්වන්න