ජී20 සමුළුව නොවැම්බරයේ | දිනමිණ

ජී20 සමුළුව නොවැම්බරයේ

රටවල් 19ක් සහ යුරෝපා සංගමය එක්ව කටයුතු කරන අන්තර් රාජ්‍ය සංසදයක් ලෙස පවත්වාගෙන යන ජී20 මේ වසරේ සමුළුව ලබන නොවැම්බර් මස 15 සහ 16 ඉන්දුනීසියාවේ බාලි දූපත්වලදී පැවැත්වේ. එම සමුළුවේ පාරිසරික අමාත්‍යවරුන්ගේ රැස්වීම පසුගියදා පැවැති අතර, තිරසරභාවය සඳහා පොදු කරුණුවලදී ගෝලීය වශයෙන් රටවල් සියල්ල එක්ව ක්‍රියා කළ යුතුව ඇතැයි ඉන්දීය පාරිසරික අමාත්‍ය භුපේන්දර් යාදෙව් ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය ස්ථාවරත්වය, දේශගුණික විපර්යාස අවම කිරීම සහ තිරසර සංවර්ධනය වැනි ගෝලීය ආර්ථිකයට සම්බන්ධ ප්‍රධාන ගැටලු විසඳීමට කටයුතු කරන ජී20 සමුළුවේ මේ වසරේ සභාපති ධුරය ඉන්දුනීසියාවට හිමි වී ඇත.

ලොව භූමි ප්‍රමාණයෙන් හරි අඩක්ම ආවරණය කෙරෙන බැවින් ජී20 සමුළුවට ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයක් යොමු වී තිබේ. එමෙන්ම කාර්මික හා සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතුළුව ලොව විශාලතම ආර්ථික රටවල් රැසක්ම මේ සමුළුවට ඇතුළත්ය. 1999 වසරේදී පිහිටුවා ගත් මේ සමුළුවේ ලබන වසරේ සභාපති ධුරය හිමි වීමට නියමිතව ඇත්තේ ඉන්දියාවටය.

 

නව අදහස දක්වන්න