මියන්මාර හමුදාවේ වෙඩි ප්‍රහාරයෙන් පාසල් දරුවන් 11ක් මරුට | දිනමිණ

මියන්මාර හමුදාවේ වෙඩි ප්‍රහාරයෙන් පාසල් දරුවන් 11ක් මරුට

මියන්මාර හමුදාවේ හෙලිකොප්ටර් යානයකින් පාසලකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කුඩා දරුවන් 11 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මේ වෙඩි තැබීම අතරතුර තවත් දරුවන් 15 දෙනකු පමණ අතුරුදන් වී ඇතැයි ද වාර්තා වේ.

වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ මියන්මාර හමුදාවට එරෙහිව සටන් වදිමින් සිටින කැරලිකාර සංවිධානයක බලකොටුවක් බවට පත් වී ඇති සැජේන් පළාතේ පාසලකටය. ප්‍රාථමික අංශයේ සිට ඉහළට පන්ති පැවැත්වෙන එම පාසලට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් අවුරුදු 7 සිට 14 දක්වා වයස් සීමාවේ පසුවන දරුවන් මිය ගිය පිරිස අතර සිටින බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ ප්‍රහාරය පිළිබඳ නිවේදනයක් කරමින් මියන්මාර හමුදාව ප්‍රකාශ කර ඇත්තේ කැරලිකරුවන් එම පාසලේ සැඟවී සිටින බවට ලැබුණු ඔත්තුවක් මත එම වෙඩි ප්‍රහාරය එල්ල කළ බවය. මිය ගිය දරුවන්ගේ මළ සිරුරු ද හමුදාව රැගෙන ගොස් ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

 

නව අදහස දක්වන්න