ඉතාලියට යන්න වීසා දෙන බව පවසා මුදල් ලබා ගත් පැසිෆික් ලංකා සමාගමේ සභාපති 18 තෙක් රිමාන්ඩ් | දිනමිණ

ඉතාලියට යන්න වීසා දෙන බව පවසා මුදල් ලබා ගත් පැසිෆික් ලංකා සමාගමේ සභාපති 18 තෙක් රිමාන්ඩ්

සුභාෂිණී සේනානායක

වලංගු බලපත්‍රයක් නොමැතිව ඉතාලියට යාමට වීසා දෙන බව පවසා රුපියල් ලක්ෂ හතක මුදලක් වංචා කළ පැසිෆික් ලංකා සමාගමේ සභාපතිවරයා ලබන 18දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (04) නියෝග කළේය.

සැකකරුගේ ඇඟිලි සලකුණු වාර්තා ලබා ගන්නා ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා දීර්ඝ නඩු විභාගයකින් ඇඟිලි සලකුණු වාර්තා කැඳවන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ එම සමාගමේ සභාපති හෙටිටිආරච්චිගේ දොන් වරුණ රංග කුමාර විමලවංශ නම් අයෙකි.

ජගත් ශිවංක යන අය සිදු කළ පැමිණිල්ලකට අනුව වංචා විමර්ශන කොට්ඨාසය කළ විමර්ශනයකින් අනතුරුව ඔහුට එරෙහිව නඩු පවරා තිබේ.

පළමු චෝදනාවට ඔහු වරදකරු කරමින් මෙම නියෝගය කළ අතර, දෙවන චෝදනාවෙන් ඔහු නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පැමිණිලිකාර පාර්ශ්වයට එම මුදල් ගෙවන්නේ නම් දඬුවම් අඩු කිරීම සලකා බැලිය හැකි බව කියා සිටි මහේස්ත්‍රාත්වරයා දුප්පත් ජනතාවගෙන් මුදල් ලබා ගෙන දීර්ඝ කාලයක් ගතව ගොස් ඇති බවත් කියා සිටි මහේස්ත්‍රාත්වරයා සමාජය කොහේටද ගමන් කරන්නේ දැයි නොවැටහෙන බවත් කියා සිටියේය.

නව අදහස දක්වන්න