Bodyline වසර 30 පුරා CSR ක්‍රියාකාරකම් 30ක් | දිනමිණ

Bodyline වසර 30 පුරා CSR ක්‍රියාකාරකම් 30ක්

ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයකු සහ දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් තාක්ෂණ සමූහය වන MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන Bodyline (Pvt) Ltd සිය 30 වන සංවත්සරය සමරන ලදි. මෙම වසර 30 ක කාලය පුරාවට ආයතනික සමාජ වගකීම් 30ක් හරහා ඔවුන් සිය ප්‍රජාවන්ගේ ජීවිත නඟාසිටුවීම කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කර තිබේ.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් Bodyline හි ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා මහතා මෙසේ පැවසුවේය.

"අපි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සෘජු රැකියා අවස්ථා 60, 000කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර ඇති අතර, අපගේ දැක්ම යථාර්ථවත් කරමින් අපගේ පාර්ශ්වකරුවන්, ගනුදෙනුකරුවන්, කොටස් හිමියන්, සේවකයන් සහ ප්‍රජාව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කර තිබෙනවා. අපගේ ජාත්‍යන්තර සම-නිර්මාණ මධ්‍යස්ථානය හරහා බෙදාහැරීමේ විසඳුම් සපයමින් ලෝ ප්‍රකට සන්නාම සඳහා හවුල්කරුවකු ලෙස අපි අපගේ කීර්තිනාමය පතුරවමින් සිටිනවා. අපගේ වර්ධනය බැඳී පවතින්නේ අපගේ ජනතාවගේ වර්ධනය මතයි. ”සිහින යථාර්ථවත් කිරීම සහ ලෝකයේ ජීවන පැවැත්ම සහතික කිරීම” යන අපගේ අරමුණ වෙනුවෙන් අප සමඟ සහයෝගයෙන් වැඩ කරන ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා අපි අපගේ උපරිමයෙන් කැපවෙනවා.”

Bodyline තම ව්‍යාපාරික මෙහෙයුම් හරහා ජාතික ආර්ථිකයට දායකවනවාට අමතරව සමාගම විසින් රාජ්‍ය අංශයේ පාසල් සහ රෝහල් සඳහා යටිතල පහසුකම් ගොඩනැ‍ඟීම, අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහය වන විශේෂ ආයතනික සමාජ සත්කාර වැඩසටහන් හරහා දායක වෙමින් ප්‍රජාවන් නඟා සිටුවීමට අත්වැලක් සපයයි

"අපගේ අඛණ්ඩ සාර්ථකත්වය සහ වර්ධනය අපව Bodylineහි 30 වන සංවත්සරය කරා ගෙන ආ අතර, ඒ ගමනේ දී ආර්ථික හා දේශපාලන බලපෑම්වලට ශක්තිමත්ව ඔරොත්තු දෙමින් අපගේ ප්‍රජාවන් සඳහා ඉහළ දායකත්වයක් දැක්වීමට ද අපට හැකි වී තිබෙනවා." යනුවෙන් සමාගමේ දැක්ම යළි යළිත් සාක්ෂාත් කරමින් Bodyline හි මානව සම්පත් සහ තිරසාර ව්‍යාපාර අධ්‍යක්ෂ වෙනුර අත්තනායක මහතා පැවසුවේය.

 

නව අදහස දක්වන්න