පළාත් පාලන ඡන්ද ක්‍රමයේ වෙනසකට රජය කටයුතු කරනවා අගමැති | දිනමිණ

පළාත් පාලන ඡන්ද ක්‍රමයේ වෙනසකට රජය කටයුතු කරනවා අගමැති

 

පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට, මන්ත්‍රී ආසන ප්‍රමාණය අඩු කිරීමට, මැතිවරණ වියදම් අඩු කිරීමට රජය කටයුතු කරමින් සිටින බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවසීය.

එහෙත් කිසිවක් හිතුවක්කාරී ලෙස, පාර්ලිමේන්තුවෙන් තොරව නොකරන බව අගමැතිවරයා කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, රවුෆ් හකීම් යන මහත්වරුන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

තමන් සභාපතිත්වය දැරූ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ පාර්ලිමේන්තු කාරක සභාවේ නිර්දේශවලද මැතිවරණ වියදම් අඩු කිරීමේ, පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමේ ආදී යෝජනා රාශියක් ඇති බවත් එම කමිටුවේ සිටියත් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ඊට අත්සන් නොකළ බවත් අගමැතිවරයා සිහිපත් කළේය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා ලෙස තමන්ට සිමා නිර්ණය කමිටුවක් පත් කිරීමට නිත්‍යානුකුල බලයක් ඇති හෙයින් කමිටුවක් හා කොමිසමක් අතර වෙනසක් ඇති බව පැවසූ අගමැතිවරයා මහාචාර්ය ජි.එල් පිරිස් මන්ත්‍රීවරයා මිට පෙර පාර්ලිමේන්තුවේදී මතක් කළ කරුණකට ප්‍රතිචාර දක්වමින් කීවේය.

 

ස්වර්ණා විජේකෝන්,

නුවන් කොඩිකාර සහ

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න