ශල්‍යකර්මයට ආධාර පතයි | දිනමිණ

ශල්‍යකර්මයට ආධාර පතයි

කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධිධාරිනියක සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ආදි සිසුවියක වන දිසාරා සමාධි (21) තරුණිය දරුණු ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පීඩා විදිමින් සිටින්නීය. ඇයට ප්‍රතිකාර කරන මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරු ඇටමිදුලු බද්ධයක් නිර්දේශ කර ඇති අතර ඒ සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් වැය වෙතැයි පවසති. මෙවැනි විශාල මුදලක් ඇයට දරාගැනීමට නොහැකි බැවින් එම මුදල සපයා ගැනීමට පරිත්‍යාගශීලින්ගේ සහයෝගය පතයි. මේ සඳහා ආධාර මුදල් පිරිනැමීමට කැමැති පිරිස් අතුරුගිරිය කොමර්ෂල් බැංකු ශාඛාවේ 8860000163 සහ අතුරුගිරිය ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවේ 107030101753 ඊ.එස්.එස්.එල් මොරලියගේ නමින් ඇති බැංකු ගිණුම්වලට මුදල් බැර කළ හැකි අතර 0777407899 හෝ 0719391709 දුරකතන අංක මගින් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

නව අදහස දක්වන්න