දෙවැනි කොටසේ ටියර් ඒ: කටුනේරිය සාන්ත සෙබස්තියන් කැලණිය ශ්‍රී ධර්මාලෝක අර්ධ අවසන් පූර්ව තරගය අද | දිනමිණ

දෙවැනි කොටසේ ටියර් ඒ: කටුනේරිය සාන්ත සෙබස්තියන් කැලණිය ශ්‍රී ධර්මාලෝක අර්ධ අවසන් පූර්ව තරගය අද

චතු­මාල් සහ හෙලංක

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කරන අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ ටියර් ඒ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය අද (25) කොළඹ තර්ස්ටන් පිටියේදී පැවැත්වේ.

එහිදී පසුගිය අනුශූර කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල සමඟින් කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල තරග වැදීමට නියමිතය. සාන්ත සෙබස්තියන් විදුහල පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයන් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, ශ්‍රී ධර්මාලෝක විදුහල තම කාණ්ඩයේ සිවුවැනි ස්ථානයෙන් මේ වටයට එක් විය.

සාන්ත සෙබස්තියන් පිල චතුමාල් ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබන අතර, හෙලංක විදුරංග ශ්‍රී ධර්මාලෝක පිල මෙහෙයවයි.

ඉෂානි යද්දෙහි

නව අදහස දක්වන්න