සමෘද්ධි නිලධාරීන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව | දිනමිණ

සමෘද්ධි නිලධාරීන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව

සමෘද්ධි නිලධාරීන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති අතර වහාම ඊට අවශ්‍ය නීතිමය තත්ත්වය සකස් කරන ලෙස, පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ එහි නීති නිලධාරියා වෙත, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දුන්නේය.
 
ඒ,රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් ඊයේ(24) රැස් වූ අවස්ථාවේදීය.
 
ක්ෂේත්‍ර නිලධාරීන් හට සිය කොට්ඨාශය තුළම ඡන්දය ඉල්ලීමේ හැකියාව ලබා දීම සඳහා ලැබී ඇති කැබිනට් අනුමැතිය අනුව,සංශෝධනයක් සිදු කිරීම සඳහා ඔක්තොබර් 19 වැනිදා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බව, අමාත්‍යංශ නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළේය.
 
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ කාර්යභාරය පිළිබඳ මෙහිදී විමසා බැලුනු අතර, ආයතන ප්‍රතිව්‍යහගත කිරීමේ වැඩසටහනට මෙම ආයතනයද ඇතුළත්ව ඇති බැවින් මන්ත්‍රිවරයන් ආයතනය වෙත ගෙන්වා දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලෙස, අග්‍රාමාත්‍යවරයා එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත උපදෙස් ලබා දුන්නේය.
 
රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ  ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා ස්ථාන මාරුවීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසයි. ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන්  නිශ්චිත ක්‍රමවේදනයක් නොමැති බවත් ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ ඉල්ලීම් මත මාරුවීම් ලබාදීම සිදුකරන බවත්, පැවසූ අමාත්‍යාංශ ලේකම්වරයා,මේ වනවිට ප්‍රාදේශිය ලේකම්වරයෙක් හට එක් සථානයක සේවය කළ හැක්කේ අවුරුදු 06 ක් බවත් එහි උපරිමය අවුරුදු 12 ක් ලෙසක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් නිර්දේශයක් ලබාගෙන ඒ පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරිම් සිදුකර ඇති බවත් කියා සිටියේය.
 
සමහර ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල 2021 සඳහා ලබාදී තිබූ ප්‍රතිපාදන යොදවා කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කොට නොතිබීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. එහිදී සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන්නේ ඒ පිළිබඳ සොයා බලා නිසි පියවර ගන්නා ලෙසයි.  අල්ලස් ගැනීම්, වංචා සහ දූෂණ වලට සම්බන්ධ ප්‍රාදේශීය ලෙකම්වරු සම්බන්ධයෙන්  සිදු කෙරෙන පරීක්ෂණ මන්දගාමී බවද මන්ත්‍රීවරු පෙන්වා දුන්නේය.
 
අක්‍රමිකතා සිදුකරන ග්‍රාමනිලධාරින් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද මෙහිදී මන්ත්‍රීවරු ඉල්ලා සිටි අතර සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කොට තිබියදී පවා ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාදවීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මෙහිදී නිලධාරීන් සඳහන් කළේ ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම ක්‍රියාමාර්ග ගන්නා බවයි. එහිදී ප්‍රාථමික හා ද්විතීක මට්ටමේ නිලධාරීන්ගේ පැමිණිලි ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතත්, තෘතීයික මට්ටමේ නිලධාරීන්ගේ පැමිණිලි දිස්ත්‍රික් ලේකම්වරුන් වෙතත් යොමු කොට ඇති අතර විධායක මට්ටමේ නිලධාරීන්ගේ පැමිණිලි සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සෘජුව මැදිහත් වන බවයි. රාජ්‍ය සේවයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණවල පවතින අධික ප්‍රමාදය මගහරවා ගැනීමට වහා කටයුතු කළ යුතු බව, අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
 
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සඳහා තම තටයුතු සිදු කර ගෙන යාම සඳහා කාර්යාල පහසුකම් කඩිනමින් ලබා දිය යුතු බව සභාපතිවරයා ස්වදේහ කටයුතු අතිරේක ලේකම් වෙත අවධාරණය කළ අතර දිස්ත්‍රික් කාර්යාලවල ඒ සඳහා පහසුකම් නොමැති අවස්ථාවලදි පළාත් අණ්ඩුකරවරු සමඟ සාකච්චා කොට ඒ සඳහා පහසුකම් ලබා ගන්නා ලෙස ද වැඩි දුරටත් උපදෙස් දුන්නේය. 
 
මීට පෙර යෝජනා කරන ලද මෙතෙක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය නොලද, නගර සභා මහ නගර සභා බවට අසස් කිරීම සඳහා කරුණු යළි අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරිමට අවශ්‍ය කටයුතු අප්‍රමාද ව ඉටු කරන ලෙසද  අතිලේක ලේකම් (පාලාත් පාලන හා පළාත් සභා ) වෙත සභාපති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දුන්නේය.
 
පාළාත් පාලන මැතිවරණ ක්‍රමය යළි වෙනස් කරන ලෙස මන්ත්‍රීවරුන් විසින් ඉල්ලිම් සිදු කරන ලද  අතර එම ඉල්ලිම් සිමා නිර්ණය කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා පැවසිය. මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරිමට අග්‍රාමාත්‍යවරයා දිගු කාලයක් ගත් උත්සහය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන් මහතා විශේෂ ස්තුතිය පිරිනැමිය.
 
කොළඹ නගරයේ සනිපාරක්ෂක හා මලාපවාහන වයපෘති වෙනුවෙන් වසර 15 ක් පමණ කාලයක් තුල විශාල මුදලක් වැය කර ඇති නමුත් මෙතෙක් එම වැඩසටහන සාර්ථකව අවසන් කර නොමැති විම පිළිබඳ කණස්සල්ල පළ කළ අග්‍රාමාත්‍යවරයා, ඉදිරි වසර තුළ අවසන් කළ හැකි වෙන් වෙන් වු යෝජනා සකස් කර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
 
මෙම රැස්වීමට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ඇතුළු මැති ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක් සහභාගී වූහ. එමෙන්ම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරිහුද,අදාළ ආයතන නියෝජනය කරන නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.
 

නව අදහස දක්වන්න