බුද්ධ ශාසනයේ ආරක්ෂාව මෙන්ම පෝෂණය වෙනුවෙන් රජය කැපවී සිටිනවා - අගමැති | දිනමිණ

බුද්ධ ශාසනයේ ආරක්ෂාව මෙන්ම පෝෂණය වෙනුවෙන් රජය කැපවී සිටිනවා - අගමැති

බුද්ධ ශාසනයේ ආරක්ෂාව, පැවැත්ම මෙන්ම පෝෂණය වෙනුවෙන් රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 
 
අගමැතිවරයා මේ බව කියා සිටියේ විහාරස්ථාන දහ හතරක් පුජා භූමි ලෙස ප්‍රකාශයට පත්කරමින් ඊට අදාල සන්නස්පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එය අද(25) අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණි.
 
රත්නපුර කූරගල රජමහා විහාරය, කුරුණෑගල නිකසලා නුවර රජමහා විහාරය, මැද්දේපොල රජමහා විහාරය, බිංගිරිය දේවගිරි රජමහා විහාරය,  කොටහේන පරමානන්ද පුරාණ විහාරය, කෑගල්ල මාම්පිට ගල්ලෙන් රජමහ විහාරය, අම්පාර මගුල් මහා විහාරය, පියංගල රජමහා විහාරය, මාතර කොළවෙනිගම රජමහා විහාරය, ත්‍රිකුණාමලය ඇතානැගි කන්ද පුරාණ රජමහා විහාරය, බඹරගල ආරණ්‍ය සේනාසනය, සංඛමලේ රජමහා විහාරය, ත්‍රිකුණාමලය ආසිරිකන්ද රජමහා විහාරය, ත්‍රිකුණාමලය නාගලෙන රජමහා විහාරය පූජාභූමි සන්නස්පත්‍ර ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවිය.  
 
එහිදී අදහස් දක්වමින් අගමැතිවරයා තවදුරටත් කියා සිටියේ,
 
“ගම්බිම් පෝෂණය කොට, ස්වාධීන, ස්වයංපෝෂිත ශක්තියක් ඇති කළ ජාතියක් ගොඩනැගුණා. ලොවම මවිත වූ ඒ උතුම් ශිෂ්ටාචාරය පිළිබදව කෙරෙන අධ්‍යයනයත් තවමත් අවසන් වි නැහැ. එය මුළු ලොවම අපි දෙස බලන අවස්ථාවක්.  බුද්ධ ශාසනය එලෙස පෝෂණය කරමින් පවත්වාගෙන යාමට අපේ මහ සඟරුවන දක්වන දායකත්වය වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂාව, පෝෂණය, පැවැත්ම හා සංවර්ධනයට රජයේ සහාය හිමිවෙනවා.“   
 

නව අදහස දක්වන්න