ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව ඉන්දියාවේදී විශේෂ සමුළුවක් | දිනමිණ

ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව ඉන්දියාවේදී විශේෂ සමුළුවක්

ත්‍රස්ත විරෝධී මූල්‍යකරණය පිළිබඳ වත්මන් ජාත්‍යන්තර පාලන තන්ත්‍රයේ සාර්ථකත්වය මෙන්ම මතුවන විවිධ අභියෝගවලට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම අරමුණු කරමින් පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ජාත්‍යන්තර අමාත්‍ය සමුළුවක් පවත්වා තිබේ. ත්‍රස්තවාදයට මුදල් නැත (NMFT) නමින් එම අමාත්‍ය සමුළුවේ සමාරම්භක දේශනය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් සිදු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

2018 වසරේ අප්‍රේල් මාසයේ ප්‍රංශයේ පැරිස් නුවරත්, 2019 වසරේ නොවැම්බරයේදී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරත් කේන්ද්‍ර කරමින් මීට පෙර එම සමුළුව අවස්ථා දෙකකදී පවත්වා ඇති අතර, ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සහ ප්‍රතික්ෂේප කිරීම එම සමුළුවට පදනම් වී තිබේ.

ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය සහයෝගිතාව වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම එම සමුළුවේදී සිදු කෙරෙන අතර, ඊට විවිධ රටවල අමාත්‍යවරුන්, බහුපාර්ශ්වික සංවිධාන ප්‍රධානීන් සහ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බළකායේ (FATF) නියෝජිත කණ්ඩායම් ප්‍රධානීන් ඇතුළු ලොව පුරා නියෝජියන් 450ක් පමණ සහභාගි වී තිබේ.

 

නව අදහස දක්වන්න