අද දවස | දිනමිණ

අද දවස

රාහු කාලය

උදේ - 10.28 – 11.57 දක්වා
රාත්‍රී 10.28 – 11.58 දක්වා

 

මේෂ
පිටරට ගමන්වලට මඟ සැලසේ

තමාට පිටරටකට යාමට තිබූ බාධා ඉවත්වේ. ආර්ථික ප්‍රතිලාභ ඒ වෙනුවෙන් හිමි වන අතර, බොහෝ විට රාජ්‍ය අනුග්‍රහයද ඒ වෙනුවෙන් ලැබෙනු ඇත. යටිබඩ ආශ්‍රිත අගුණ පළවන අතර, කිසියම් වෛද්‍ය පරීක්ෂණයකටද ඔබට මුහුණ දීමට සිදු වෙයි.

වෘෂභ 
යහපත් ආ‍යෝජනයක්

ඉතා හොඳ ආයෝජනයකට හේතු වෙයි. ඒ වෙනුවෙන් සුබවාදී ලැබීමකට බලපායි. අසල්වාසී ඥාති හිතෛෂී කාගේත් උපකාර හිමිවේ. තම අභිවෘද්ධිය උදෙසා විවිධ ආකාර‍ෙය් ව්‍යාපාරයන් පිළිබඳ සොයාබලා කටයුතු කෙරේ.

මිථුන 
පුණ්‍යවන්ත ඉදිරියක්

ඉතාම සුබවෙයි. පුණ්‍යවන්ත අනාගතයකට පසුබිම වැටේ. විකුණා ගැනීමට නොහැකි වූ ඉඩමක් හෝ නි‍ෙවසක් වැඩි ඉල්ලුමට වැඩි මුදලට විකුණා ගැනීමට හැකියි. කොයි හැටි වෙතත් එම ව්‍යාපාර අතමාරු ගනුදෙනු සුපරීක්ෂාකාරීව කළ යුතුයි.

කටක 
හදිසි අනතුරු බහුල වෙයි

ශරීර සෞඛ්‍යයට යම් යම් අසුබ බලපෑම් එල්ල වීමට පුළුවන. හදිසි අතුරු ආන්තරා මතු කෙරේ. කොයි කවුරුත් සමඟ සමඟියෙන් සාමයෙන් හිඳීමට සිදු වන කාලයකි. ආර්ථික අලාභද ඒ අතර වෙයි. ලැබීම්වලට වඩා වියදම් උග්‍ර නිසා ණයතුරුස් වීමට පවා ඉඩ ඇත.

සිංහ
|නි‍වසේ උත්සවශ්‍රීයක්

ඔබට ප්‍රමාධ වූ විවාහයක් නොබෝ දිනකදී තීන්දු වීමට ඉඩ ඇති අතර, නි‍ෙවසේ උත්සවශ්‍රීයක් ද උසුලන බව පෙනේ. තම සමීපතමයකුගේ නි‍ෙවසට පැමිණීම නිසා සිතේ තිබූ අදහස් උදහස් පැහැදිලිවම සාකච්ඡා කිරීමට අවස්ථාව උදාවේ.

කන්‍යා 
පිරිස් බලය තහවුරුවේ

තම ගෘහ ජීවිතය සතුටුදායක වෙයි. විවාහ සහකරුවන් සහකාරියන් අතර සුහදත්වය වැඩි දියුණු වේ. සිතේ සතුට අභිවෘද්ධිය ඇතිවේ. අතමිට සරුවේ. තම මවු පාර්ශ්වයේ කෙනකුගෙන් ධනය ලැබෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.

තුලා 
ලැබීම් සීමාවේ

තුලා ලග්නයට අනුව ඔබට හදිසියේ තම වෘත්තීය ස්ථානගත ගැටලු මතුවේ. වියදම් අධිකවේ. ලැබීම් සීමාවන ලකුණු පෙනෙන්නට තිබේ. තම දූ දරුවන් පවා තමාට විරුද්ධ වන තත්ත්වයකි. මවුපිය සොයුරු සොයුරියන් අතර අප්‍රසාදය පළවනු ඇත.

වෘශ්චික
ව්‍යාපාර සපලවේ

ඉතා සුබයි. ආදායම් සරුවේ. ව්‍යාපාර සපලවේ. දූ දරුවන් නිසා සිතට අභිමානයක් දැනේ. කොයිකාගෙත් සහාය තමාට හිමිවේ. දේශපාලනය, සමාජ සේවය කරන අයට සුබවාදි වෙයි. නව ආයෝජනයට මඟපෑදේ.

ධනු 
සිත් කලකිරීම් දුරු වෙයි

තම වාසස්ථාන පිළිබඳ තිබූ ගැටලු විස‍ඳේ. ගමන් පහසුව සඳහා වාහන පවා හිමිවේ. නව නි‍ෙවසක් තැනීමට අඩිතාලම දැමෙනු ඇත. ඒ සඳහා තමා කෙනකුට දී තිබූ මුදලක් යළි තමා අතට පත් වනු ඇත.

මකර 
දේපළ ගැටලුවලට විසඳුම්

දේපළක් සම්බන්ධයෙන් තිබූ ගැටලුවකට විසඳුම් ‍ලැබේ. වල්බිහිව තිබූ ඉඩමක් සුද්ධ පවිත්‍ර කර එහි වගා කටයුතු ආරම්භ කරනු ඇත. පතල් ආශ්‍රිත ලැබීමේ වාසනාව පවතී. උරහිසට ඇති වන හදිසි අනතුරුදායක තත්ත්වයක් පෙන්වයි. ගින්දර විදුලිය ආශ්‍රිත කටයුතුවලදී ප්‍රවේසම් වන්න.

කුම්භ 
ලොතරැයි ජය

හදිසි ධනය හිමිවන ලකුණු සහිතයි. ලොතරැයි ජය හිමි වීමේ වාසනාව පවතී. තමාට යන එන තැන්වලදී ගරු බුහුමන් ලැබෙනු ඇත. ඒ නිසා අනාගතය වෙනුවෙන් ආර්ථික සැලසුමක් ක්‍රියාවට නැංවේ. තුනටියට අපලයි.

මීන 
නිවසේ උත්සවශ්‍රීයක්

සිතේ සතුට හටගනී. තම විවාහ දිවියේ සතුටුදායකම අවස්ථා සිහියට නැගේ. ඒ වෙනුවෙන් ප්‍රිය සම්භාෂණ පවා සිදු කෙරෙන අතර, නි‍ෙවසේ උත්සවශ්‍රීයක් දකින්නට ලැබේ.

සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍ය වේදී අජිත් ධර්මසිරි

නව අදහස දක්වන්න