රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි | දිනමිණ

රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි

රාජ්‍ය සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 
 
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, මෙම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත. රාජ්‍ය සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 සීමාව බව එම ගැසට් නිවේදනයේ දක්වා තිබේ. 
 
ඒ අනුව ලබන ජනවාරි 01 වැනිදා සිට මෙම ගැසට් නිවේදනය බලාත්මකය.
 
එසේම මෙයට අනුව මේවන විට වයස අවුරුදු 60 සම්පූර්ණ වී තවමත් සේවයේ නිරතව සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් ලබන දෙසැම්බර් 31වැනිදා වනවිට සේවයෙන් ඉවත්ව යා යුතුය. 

නව අදහස දක්වන්න