රොනාල්ඩෝට වසරකට රු. කෝටි 775ක වැටුපක් | දිනමිණ

රොනාල්ඩෝට වසරකට රු. කෝටි 775ක වැටුපක්

ප්‍රින්ස් ගුණසේකර

පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට සෞදි අරාබියේ ප්‍රකට පාපන්දු සමාජයක් වන අල් නසර් ක්‍රීඩා සමාජය විසින් වසරකට යුරෝ මිලියන 200ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 775ක්) වැටුපක් පිරිනැමීමේ කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරීමට සූදානම් වෙයි. මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් අනතුරුව රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසර් ක්‍රීඩා සමාජය සමඟ එක්වනු ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළේය.

මෙය දැනට ලෝක පාපන්දු ක්‍රීඩකයකු ලබන දැවැන්ත වැටුපක් වේ. කටාර්හි පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පෙර රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වූ අතර, ඒ සමඟම සෞදි අරාබියේ අල් නසර් ක්‍රීඩා සමාජයෙන් නව කොන්ත්‍රාත් ගිවිසුම යෝජනා වී ඇත.

රොනාල්ඩෝ මෙතෙක් ක්‍රීඩා කළ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය විවේචනය කොට ඇති අතර, එහි කළමනාකරු සම්බන්ධයෙන් තමාට කිසිදු ගෞරවයක් නොමැති බව අවධාරණය කළේය. 37 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් තරග 346 කදී ගෝල 145ක් රැස්කර ඇත.

 

නව අදහස දක්වන්න