පාසල් සිසුන්ට අයිස් හා මත්පෙති බෙදූ සිසුවා ඇතුළු තිදෙනෙක් පොලිසියට මාට්ටු | දිනමිණ

පාසල් සිසුන්ට අයිස් හා මත්පෙති බෙදූ සිසුවා ඇතුළු තිදෙනෙක් පොලිසියට මාට්ටු

පාසල් සිසුන්ට අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති බෙදාහැරි පාසල් සිසුවකු සහ තවත් පුද්ගලයන් තිදෙනෙක් හොරණ මිල්ලනිය ප්‍රදේශයේ සිදු කළ වැටලීම් දෙකකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 120ක් හා මත් කරල් 120ක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා හොරණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මිල්ලනිය පරගස්තොට හා මිල්ලනියවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීම් දෙකකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 සහ 33 අතර පසුවන මිල්ලනිය සහ පරගස්තොට පදිංචිකරුවන්ය.

පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුර රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය අණදෙන නිලධාරී හසිත රණසූරිය මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකා හොරණ කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.යූ.එස්. ද සිල්වා, පොලිස් පරීක්ෂක අබේතුන්ග මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

නව අදහස දක්වන්න