හිටපු ජනපති ආරක්ෂකයෙක් එල්ලී මිය ගිහින් | දිනමිණ

හිටපු ජනපති ආරක්ෂකයෙක් එල්ලී මිය ගිහින්

හිටපු ජනපතිනි​ ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයෙකුගේ දේහය​ ඊයේ(06) පස්වරු 4ට පමණ ඔහුගේ වේයන්ගොඩ පත්තලගෙදර පිහිටි​ නිවසේ​ බාල්කයක එල්ලෙමින් තිබියදී හමු වූ බව​ ​ වේයන්ගොඩ පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ චමින්ද රාජකරුනා​ 42​ නැමති​ දෙදරු පියෙකි.

පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කරනු පරීක්ෂණයකදී සැරයන්වරයාගේ​ දේහය නිවසේ එල්ලෙමින් තිබියදී හමුවී ඇත. ඔහු ගේ අත් අකුරින් ලියූ බවට සැකකරන කුඩා ලේඛනයක් ද ලේඛනයක් ද හමු වූ බව පොලීසිය සඳහන් කරයි.

මෙසේ මිය ගොස් ඇති පොලිස් සැරයන්වරයා මාස තුනකට පමණ ඉහතදී​ ​ පැහැර ගැනීමකට ලක්ව අතුරුදහන්ව සිටී බව ද පොලිසිය සඳහන් කරයි. දේහය​ වතුපිටිවල මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

කොටදෙනියාව සමූහ එම් පී කුමාර සහ වේයන්ගොඩ විශේෂ

නව අදහස දක්වන්න