ගාස්තු වැඩි නොකළොත් පැය 7-8ක් විදුලිය කපන්න වෙයි | දිනමිණ

ගාස්තු වැඩි නොකළොත් පැය 7-8ක් විදුලිය කපන්න වෙයි

ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න

ජනවාරි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකළොත් පැය හයත් - අටත් අතර කාලයක විදුලි කප්පාදුවකට යෑමට සිදු වන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. පවතින තත්ත්වය මත ලබන වසරේදී විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 56.90ක් වැය වන බවට උපකල්පනය කර ඇති බවත් විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති සංශෝධනවලට මහජන උපයෝගිතා කොමිසම පසුගිය කාලයේදී අනුමැතිය දී නැති බවත් ඇමැතිවරයා පැවසීය. කෙසේ වුවද යළිත් වරක් විදුලි බිල සංශෝධනය නොකරන්නේ නම් රට අඳුරු යුගයකට යෑමට සිදු වන බවද විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.

නව අදහස දක්වන්න