කොළඹ කොටස් වෙළෙඳපොෙළ් මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් | දිනමිණ

කොළඹ කොටස් වෙළෙඳපොෙළ් මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක්

මහින්ද අලුත්ගෙදර

රටේ ආර්ථිකයට ශක්තියක් එක් කරමින් දෛනික ගනුදෙනු අවසානයේ මිල දර්ශකවල කැපී පෙනෙන ව ර් ධනයක් වා ර් තා කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (17) සමත්විය.

ඒ අනුව දිනය නිමා වනවිට සියලු කොටස් මිල ද ර් ශකය ඒකක 113.72 කින් ඉහළ ගොස් ඒකක 8,376.30ක් ලෙස වා ර් තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව සියයට 1.38ක ව ර් ධනයක් බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

මේ අතර S&P SL20 ද ර් ශකය ඊයේ (17) දිනය නිමා වනවිට ඒකක 79.43 කින් ඉහළ ගොස් ඒකක 2,607.51 ක් ලෙස වා ර් තා විය. එය පෙර දිනයට සාපේක්ෂව සියයට 3.14 ක ව ර් ධනයකි. දිනය අවසන් වනවිට දෛනික පිරිවැටුම රුපියල් බිලියන 1.24 ක් ලෙස සටහන් විය. ඊයේ (17) එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිල ඉහළයෑම සියලු කොටස් මිල ද ර් ශකයේ ව ර් ධනයට වැඩි දායකත්වයක් දී තිබෙන අතර එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් කොටසක මිල රුපියල් 192.50 ක් දක්වා රුපියල් 20.50 කින් (සියයට 11.92) ව ර් ධනයක් පෙන්නුම් කෙරිණි.

දෛනික පිරිවැටුමට වැඩිම දායකත්වය සොෆ්ට්ලොජික් කැපිටල් සමාගමෙන් ලැබී තිබුණු අතර එය රුපියල් මිලියන 246.11 කි. මීට අමතරව සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් (රුපියල් මිලියන 168.22), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් (රුපියල් මිලියන 152.43), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රුපියල් මිලියන 119.62) හා LOLC ෆිනෑන්ස් (රුපියල් මිලියන 112.44) ලෙස රුපියල් මිලියන 100 ඉක්මවා පිරිවැටුම් වා ර් තා කළ සෙසු සමාගම් අතර වෙයි.

නව අදහස දක්වන්න