ප්‍රභාත් ගමගේ - මනෝරි ජයකොඩි ගුවන් හමුදාපති ගොල්ෆ් කුසලාන දිනති | දිනමිණ

ප්‍රභාත් ගමගේ - මනෝරි ජයකොඩි ගුවන් හමුදාපති ගොල්ෆ් කුසලාන දිනති

ගුවන් හමුදාපති පිරිමි ශූරතාව දිනාගත් ප්‍රභාත් ගමගේ ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ සහ ඩයලොග් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ ප්‍රධාන විධායක නවීන් පීරිස් මහත්වරු අතින් කුසලානය ලබා ගනිමින්. (වමේ) ගුවන් හමුදාපති කාන්තා ශූරතාව දිනාගත් මනෝරි ජයකොඩි (මැද) සහ ඊගල්ස් අභියෝගතා කුසලානය දිනූ ගෘෘප් කපිතාන් නන්දන ජයලත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගොල්ෆ් ලින්ක් එක්ව 10 වැනි වරටත් සංවිධාන කළ ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලියේ පිරිමි ශුරතාව දිනා ගැනීමට ප්‍රභාත් ගමගේ සමත් වූ අතර, කාන්තා ශූරතාව මනෝරි ජයකොඩිට හිමි විය. පසුගියදා චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් පිටියේදී පැවැති මේ තරගාවලියට දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට අධික සංඛ්‍යාවක් තරග වැදුණු අතර, දක්ෂතම ත්‍රිවිධ හමුදා සේවා ක්‍රීඩකයාට හිමි ඊගල්ස් අභියෝගතා කුසලානය ගුවන් හමුදාවේ ගෘෘප් කපිතාන් නන්දන ජයලත් විසින් දිනා ගනු ලැබීය.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහත්වරු ද තරගාවලියට සහභාගි වූහ.

ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලියේ අනුග්‍රාහක ලෙස ඩයලොග් එන්ටර්ප්‍රයිසස් ආයතනය කටයුතු කළ අතර, තරගාවලියේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් තරගාවලියට සමගාමීව ප්‍රජා සත්කාර සේවා වැඩසටහන් ද පැවැත්විණි. ඒ අනුව ත්‍රිකුණාමලය උසස් බාලිකා විදුහල, චීන වරාය නාලන්දා විදුහල හා කින්නියා රාවනේෂ්වරන් දෙමළ විදුහල සඳහා පරිගණක උපාංග බෙදා දෙනු ලැබීය.

නව අදහස දක්වන්න