දමිළ චිත්‍රපටයකින් අවසන් වූ යාපනයේ රිය අනතුර | දිනමිණ

දමිළ චිත්‍රපටයකින් අවසන් වූ යාපනයේ රිය අනතුර

- 6ක් රෝහලේ
- අයකුට බරපතළයි

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ සිදු වූ වාහන අනතුරකින් පසුව බහින්බස් වූ එම දෙපිරිස එකිනෙකාගේ වාහන හප්පවා ගැනීම නිසා පුද්ගලයන් හය දෙනකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඊයේ (24) ඇතුළත් කොට තිබේ. මෝටර් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් පසුව මෝටර් රථයේ සිටි පිරිස වෑන් රථයේ පිරිසට බැන වැදීමෙන් පසුව වෑන් රියේ සිටි පිරිස මෝටර් රථයේ සිටි පිරිසට පහරදී කඩුවලින් කපා එම මෝටර් රථය හප්පා ඇත. මේ ගැටුමට මැදි වූ යතුරුපැදියකටද අලාභ හානි සිදුව තිබේ. තුවාලකරුවන් හතර දෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතළ බව යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු පැවසීය. පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එම ස්ථානයට පැමිණ තත්ත්වය සමථයකට පත් කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැති අතර චුන්නාකම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

රසුල දිල්හාර ගමගේ
උතුරු පළාත් විශේෂ

නව අදහස දක්වන්න