ඡන්දයකට සූදානම් වන්න | දිනමිණ

ඡන්දයකට සූදානම් වන්න

ශිරෝමි අබයසිංහ

ජනපති එජාපයට දැනුම් දෙයි

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට ඊයේ (24) දැනුම් දුන්නේය. එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ දැනුම් දීම කර තිබේ. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසූයේ මැතිවරණ වැඩ කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි. පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන මහත්වරු ප්‍රමුඛ එජාප කළමනාකරණ මණ්ඩලය මේ හමුවට සහභාගී වූහ.

පක්ෂයේ සියලු නිලධාරීන් සිරිකොත පක්ෂ මූලස්ථානයට ගොස් මැතිවරණ කටයුතුවල යෙදෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. කෙසේ වෙතත් පළාත් පාලන ඡන්ද සටනට සම්බන්ධ නොවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

නව අදහස දක්වන්න