කැලිෆෝනියාවේ තවත් වෙඩි තැබීම් දෙකක්: හතක් මරුට | දිනමිණ

කැලිෆෝනියාවේ තවත් වෙඩි තැබීම් දෙකක්: හතක් මරුට

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිට පිට වාර්තා වූ තවත් වෙඩි තැබීමේ සිදුවීම් දෙකකින් පුද්ගලයන් 7 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ සිදුවීම් දෙකම වාර්තා වන්නේ කුඩා මුහුදුබඩ නගරයක් වන හාෆ් මූන් බේ ප්‍රදේශයේදී වන අතර, වෙඩි ප්‍රහාරයෙන් පැය දෙකකට පසු 67 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත. චුන්ලි ෂාඕ නැමැති මේ පුද්ගලයා සැන් ෆ්‍රැන්සිස්කෝ දකුණු ප්‍රදේශයේ පිහිටි ස්ථානයකදී පළමු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඉන් පුද්ගලයන් සිවුදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇත. අනතුරුව වෙනත් ප්‍රදේශයකදී තැබූ වෙඩි ප්‍රහාරයකින් තවත් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ. වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. පසුගියදා කැලිෆෝනියා ප්‍රාන්තයේ මොන්ටෙරි පාක් නුවර චීන නව වසර සැමරුම් අවස්ථාවක සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් 11 දෙනකුට දිවි අහිමි වූ අතර, මෙවර වෙඩි ප්‍රහාරය සිදුවූයේ ඊට පැය 48කට පසුවය.

 

නව අදහස දක්වන්න