ගෝලීය ආර්ථික වර්ධනය පහතට | දිනමිණ

ගෝලීය ආර්ථික වර්ධනය පහතට

ලෝක බැංකු වාර්තාවකින් හෙළි වෙයි

යුක්රේන යුද අර්බුදය මත උද්ධමනය හා ඉහළ පොලී අනුපාත මෙන්ම ආයෝජන අඩු වීම හේතුවෙන් සමස්ත ලෝකයේ ආර්ථික වර්ධනය ඉතා තියුණු ලෙස මන්දගාමී වී ඇතැයි ලෝක බැංකු වාර්තාවකින් පෙන්වා දී තිබේ. බිස්නස් ස්ටෑන්ඩර්ඩ් ව්‍යාපාරික පුවත් සේවය සඳහන් කරන්නේ ලෝක බැංකුවේ නවතම ගෝලීය ආර්ථික අපේක්ෂාවන් සම්බන්ධ වාර්තාවෙන් මේ අනාවරණය සිදු කර ඇති බවය. මේ තත්ත්වය මත ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය පවා ගෝලීය ආර්ථිකයේ බලවතුන් වීමේ තරගයෙන් ඉවත් වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. කොවිඩ් ශුන්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීම හේතුවෙන් චීනයේ දේශීය දළ නිෂ්පාදන ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වනු ඇතැයි ද ලෝක බැංකුව වාර්තාවෙන් පෙන්වා දී තිබේ. මේ වසරේදී චීනයේ දේශීය දළ නිෂ්පාදන වේගය 4.3ක් වනු ඇතැයි ද අනාවැකි පළ වී ඇති අතර, එය පැවැති තත්ත්වයට වඩා 0.9% ක පහත වැටීමක් බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත.

නව අදහස දක්වන්න