6 හැවිරිදි වියේදී සිරගත වූ ලාමාවරයකු බේරා ගැනීමේ මෙහෙයුමක් | දිනමිණ

6 හැවිරිදි වියේදී සිරගත වූ ලාමාවරයකු බේරා ගැනීමේ මෙහෙයුමක්

ටිබෙට් දේශයේ අාධ්‍යාත්මික නායක දලයි ලාමාතුමා අනුගමනය කිරීමේ චෝදනාවට වසර 27ක් පුරා සිරගතව සිටින එරට ලාමා පරපුරයට අයත් පුද්ගලයකු නිදහස් කර ගැනීමට ටිබෙට් දේශයේ නිදහස වෙනුවෙන් වන ජාත්‍යන්තර ලාමා සංවිධානය උත්සාහයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 1995 දී එම පුද්ගලයා සිරගත වන විට 6 හැවිරිදි වියෙහි පසු වූ බවත්, මේ වන විට ඔහුගේ වයස අවුරුදු 33ක් වන බවත් වැඩිදුරටත් වාර්තා වේ. ටිබෙට් දේශයේ ඉහළම ආගමික චරිතය වන දසවැනි පන්චෙන් ලාමාගේ පුනරුත්පත්තිය ලෙස ජනතාව අතර පිළිගැනීමට ලක් වී සිටි එම කුඩා දරුවා එහි අර්ථය අවබෝධ කර ගැනීමට තරම් ප්‍රමාණවත් වයසක නොසිටි බවත් සඳහන් වේ.

නව අදහස දක්වන්න