අද දවස | දිනමිණ

අද දවස

රාහු කාලය
දහවල් 12.23 – 01.52 දක්වා
අලුයම 12.23 – 01.53 දක්වා
දිව්‍යමය සුබ මුහුර්ත
ගමන් යාමට - උදේ 6.32ට උතුර බලා
උදේ - 8.21ට උතුර බලා
ලොතරැයි මිලදී ගැනීමට උදේ 07.24ට උතුර බලා
උදේ 8.14ට උතුර බලා
පැළ සිටුවීමට උදේ 07.14ට උතුර බලා
සවස 5.23ට උතුර බලා

මේෂ 
ආර්ථික හා වෘත්තීය ජයග්‍රහණ

වෘත්තීය තත්ත්වය උසස් වේ. ආර්ථික ප්‍රතිලාභ ද සහිත වෙයි. තම ආත්ම අභිමානය උසස් ලෙස පවත්වා ගැනීමට අවස්ථාව උදාවේ. රාජ්‍ය තාන්ත්‍රික ඇප උපකාර හිමි වේ.

වෘෂභ 
අධ්‍යාත්මික දියුණුවට කටයුතු කෙරේ

ආගමික කටයුතු බහුල වේ. ඒ වෙනුවෙන් විවිධ සංවිධාන සමඟ එකතුව කටයුතු කිරීමට පෙලඹේ. තම ඥාති පාර්ශ්ව සමඟ එක්ව අතපසු වූ කටයුතු රැසක් අලුතින් ආරම්භ කිරීමට හැකි වේ.

මිථුන
සතුරු බලවේග යළි මතු වේ

තුනටිය ආශ්‍රිත යම් උවදුරක් නිසා ධනය වැයවීම් පෙන්වයි. තම අධ්‍යාපන කටයුතු අතරමග නවතා දැමීමට පවා සිදුවේ. යටපත් වූ සතුරු බලවේග යළි ක්‍රියාත්මක වෙයි.

කටක
චෝදනා අපවාද අසන්නට වෙයි

කටක ලග්නයට අනුව ඔබ ඉතා ප්‍රවේශමෙන් කාලය ගත කළ යුතු දිනකි. හදිසි චෝදනා අපවාදවලට හසු වේ. තමා ළඟම සිටින විශ්වාසවන්ත අය වුවද තමාට එරෙහි වන ලකුණු පෙනෙන්නට තිබේ.

සිංහ
ගැටලු කීපයකට විසඳුම්

සිංහ ලග්නයට අනුව ඔබට සිතේ පැවති ගැටලු කීපයකට විසඳුම් ලැබේ. තවද කලක් ගැටලුවක්ව පැවති පෙම් සබඳතාවක අමිහිර අත්දැකීම්වලින් මිදී සුබවාදී ලෙස සිතීමට පටන් ගනී.

කන්‍යා
මතභේදවලට තුඩුදෙයි

කන්‍යා ලග්නයට අනුව තම දින චර්යාව කිසියම් වෙනසකට හේතු වෙයි. පදිංචි ස්ථානයෙන් දුරස් වීමට සිදුවේ. තම සහකරු හෝ සහකාරිය අතර විවිධ මතභේද හට ගැනීමට හේතු වෙයි.

තුලා  
වාසනාවන්ත දරුපල

තුලා ලග්නයට අනුව ඔබට සුබයි. දරුපල ප්‍රමාදව සිටි අයට වාසනාවන්ත දරු සම්පත් ද ආර්ථික ප්‍රතිලාභ ද නව ආයෝජනවලට යොමුවීම ද පෙනේ. දණහිස ආශ්‍රිත උවදුරු සහිතයි.

වෘශ්චික
සමාජයේ කෑපි පෙනෙන තත්ත්වයක්

වෘශ්චික ලග්නයට අනුව ඉතා සුබයි. වාහනයක් මිලදී ගැනීමට තිබූ බලාපොරොත්තුව සපල වේ. යන එන තැන කැපී පෙනෙන තත්ත්වයක් උදාවේ. රැකියාවේ සුබවාදී වෙනසක් සිදුවේ.

ධනු
දැඩි නීති රීතිවලට නතු වේ

ධනු ලග්නයට අනුව තම දේපළ උරුමකම් හිමිකම් සහිතයි. තමාට වඩා වයසෙන් බාල අයකු නිසා කිසියම් ආකාරයක කරදර රැසකට මුහුණ දීමට ද සිදු වෙයි. මවුපිය පාර්ශ්වයෙන් තමාට දැඩි නීති රීති පැන වෙනු ඇත.

මකර  
හදිසි ධන ලාභ

මකර ලග්නයට අනුව හදිසි ධන ලාභ සහිතයි. තමාට කෙනෙකුගෙන් ලැබීමට තිබූ නීති පිහිට පැතීමට පවා සිදු වූ ණය මුදලක් තමාට උරුම වීමේ වාසනාව පවතී.

කුම්භ 
විනෝද ගමනකට මුල පිරෙයි

කුම්භ ලග්නයට අනුව සිතේ සතුට උපරිම ලෙස අත්විඳීමට සිදුවේ. නිවෙසේ සැවොම කිසියම් විනෝද ගමනකට යාමක් පෙනෙන්නට තිබේ. වතුර පානය අඩු වුවහොත් මුත්‍ර ආපදා පවා ඒමට පුළුවන.

මීන 
ව්‍යාපාර අඩාළ වේ

මීන ලග්නයට අනුව ඔබට සුබ අසුබ සමසේ භුක්ති විඳීමට සිදුවේ. තමා කරගෙන ආ ව්‍යාපාර හා රැකියා කිසියම් ආකාරයකින් අඩාළ තත්ත්වයට පත් වේ.

සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍ය වේදී අජිත් ධර්මසිරි

නව අදහස දක්වන්න