ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමුවරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව පසුගියදා ප්‍රකාශයට පත් කළේය.
ලබන මාසයේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත මේ තරගාවලිය සඳහා ක්‍රීඩිකාවෝ 1,525ක් ලියාපදිංචි වී ඇති අතර, මේ මස 13 වැනිදා පැවැත්වීමට නියමිත වෙන්දේසිය සඳහා ඉන් ඉදිරිපත් කර ඇත්තේ ක්‍රීඩිකාවන් 409 දෙනකු පමණි.
ඊට ඉන්දීය ක්‍රීඩිකාවන් 264 දෙෙනකු ඇතුළත් වන අතර, එක්ව ඇති විදෙස් ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 163කි. එම විදෙස් ක්‍රීඩිකාවන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමඟින් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ 15 දෙෙනකු ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.
මේ විදෙස් ක්‍රීඩිකාවන් අතර අයිසීසී පූර්ණ සාමාජිකත්වය නැති රටවලින් ක්‍රීඩිකාවන් 8 දෙෙනකු එක්ව සිටීම ද කැපී පෙනේ. මේ තරගාවලිය කණ්ඩායම් 5ක සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර, එම කණ්ඩායම් වෙනුවෙන් වෙන්දේසියේදී ක්‍රීඩිකාවන් 90 දෙනෙකු තෝරා ගැනීමට නියමිතය. ඉන් අවස්ථාව හිමිවන්නේ විදෙස් ක්‍රීඩිකාවන් 30 දෙෙනකුට පමණි.
වෙන්දේසියේ ක්‍රීඩිකාවකට හිමිවන වැඩිම මූලික වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් වන අතර, ඒ යටතේ ලියාපදිංචි වී ඇති ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 24කි. ප්‍රබල ඉන්දීය ක්‍රීඩිකාවන් වන හර්මන්ප්‍රීට් කවුර්, ස්මිත්‍රි මන්දනා, දීප්ති ශර්මා මෙන්ම පළමු වරට පැවති අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලානය ඉන්දියාවට දිනා දීමට නායකත්වය දුන් සෆාලි වර්මා ද ඇතුළත්ව සිටිති. නවසීලන්ත, ඔස්ට්‍රේලියා, එංගලන්ත සහ කොදෙව් ඇතුළු රටවල ප්‍රබල විදෙස් ක්‍රීඩිකාවන් 13 දෙෙනකු ද එම කාණ්ඩයට ඇතුළත්ව සිටිති. මූලික වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 40 යටතේ ක්‍රීඩිකාවන් 30 දෙනකු ලියාපදිංචි වී ඇති අතර, ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් 15 දෙනාගේම මූලික වෙන්දේසි මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 30කි. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 132ක් පමණ වේ.
මේ ක්‍රීඩිකා වෙන්දේසිය මේ මස 13 වැනිදා මුම්බායිහිදී පැවැත්වෙන අතර, තරග 22කින් සමන්විත පළමු කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලිය ලබන මස 4 වැනිදා සිට 26 වැනිදා දක්වා මුම්බායිහි බ්‍රබෝර්න් සහ ඩී. වයි. පටිල් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ: චමරි අතපත්තු, අනුෂ්කා සංජීවනී, ඉනෝකා රණවීර, නිලක්ෂි ද සිල්වා, හර්ෂිතා මාධවී සමරවික්‍රම, විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, මල්ෂා ශෙහානි, ඕෂදී රණසිංහ, අචිනි කෞශල්‍යා, උදේෂිකා ප්‍රබෝධනී, තාරිකා සෙව්වන්දි, සුගන්දිකා දසනායක, ඉනෝෂි ප්‍රනාන්දු.
නිරෝෂාන් ප්‍රියංකර
නව අදහස දක්වන්න