අධික වේගයෙන් පැමිණි ජිප් රථය තවත් වාහන දෙකක ගැටෙයි | දිනමිණ

අධික වේගයෙන් පැමිණි ජිප් රථය තවත් වාහන දෙකක ගැටෙයි

 
හැටන් දික්ඔය සිට නොර්වුඩ් දක්වා අධික වේගයෙන් ධාවනය වු ලැන්ඩ් රෝවර් ජිප් රථයක් මාර්ගය අභියස ගාල් කර තිබු ලොරි රථයක සහ ත්‍රිරෝද රථයක ගැටිමෙන් ජිප් රථය අසල පිහිටි බස් නැවතුම්පොලක ගැටි නතර වි අනතුරට පත් විමෙන් ජිප් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත අද (01) ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසිය.
 
අද  උදැසන 09.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා හින්දු කොවිල අසලදිය
 
අධික වේගයෙන් ධාවනය වි ඇති ජිප් රථයේ තිරංග ක්‍රියාවිරහිත විම නිසා ජිප් රථය රියදුරු පාලනයෙන් මිදි හින්දු කොවිලේ පුජාවක් සදහා පිරිසක් පැමිණි ලොරි රථය සහ ත්‍රිරෝද රථයේ ගැටි ඉදිරියට ඇදි ගොස් ඒ අසල පිහිටි බස් නැවතුම්පොලේ ගැටි ජිප් රථය නතර වි ඇත.
 
අනතුරෙන් ලොරි රථයට , ත්‍රිරෝද රථයට , ජිප් රථයට සහ බස් නැවතුම්පොලට අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේය.
 

නව අදහස දක්වන්න