ග්‍රීසියේ දුම්රිය අනතුරක් -26 ක් මරුට | දිනමිණ

ග්‍රීසියේ දුම්රිය අනතුරක් -26 ක් මරුට

 
ග්‍රීසියේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ බරපතල අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 85 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
 
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් බවයි එම වාර්තා සඳහන් කර ඇත.
 
ඇතැන්ස් හා තෙස්සලොනිකි අතර මෙම දුම්රිය දෙක ධාවනය වී තිබෙයි.
 
විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි මගී දුම්රියේ අනතුර වන අවස්ථාවේ මගීන් 350 ක් පමණ ගමන් කර තිබෙයි.මේ වන විට මගීන් 250 ක් පමණ නිරුපද්‍රිතව සිටින බව ද වාර්තා වෙයි
 

නව අදහස දක්වන්න