යාපනය රෝහලේ නොමේරූ දරුවන් සුරැකීමේ වැඩපිළිවෙළ සාර්ථකයි | දිනමිණ

යාපනය රෝහලේ නොමේරූ දරුවන් සුරැකීමේ වැඩපිළිවෙළ සාර්ථකයි

විශේෂඥ වෛද්‍ය නිලධාරී එන්.ඩිපෝලියන්

අඩු මාසයෙන් උපදින නොමේරූ දරුවන් සංරක්ෂණය කිරීම සඳහා යාපනය ශික්ෂණ රෝහලේ ආරම්භ කරන ලද වැඩ පිළිවෙළ 2022 වසරේ සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන ඇතැයි එම ඒකකය බාරව කටයුතු කරන විශේෂඥ වෛද්‍ය නිලධාරී එන්.ඩිපෝලියන් මහතා පැවසීය.

2022 වසරේ යාපනය ශික්ෂණ රෝහල තුළ උපන් නොමේරූ ළදරුවන්ගෙන් එකම ළදරුවකුගේ හෝ ජීවිත වලට අවදානමක් උද්ගත නොවන පරිදි ඔවුන් ජීවත් කරවීමට හැකි වූ බව වෛද්‍ය නිලධාරියා පැවසීය. යාපනය ශික්ෂණ රෝහලේ නව දරු උපත් 438ක් සිදුව ඇති අතර ඉන් 109ක් අඩු මාසයෙන් බිහි වූ දරුවන්ය. මේ වසරේ පෙබරවාරී මාසයේදී යාපනය රෝහලේදී දින 97ක් වයසැති දරුවකු බිහි වී තිබුණද එම දරුවාගේ ජීවිතය පවා සුරක්ෂිත කිරීමට අවකාශ ලැබුණු බව විශේෂඥ වෛද්‍ය නිලධාරියා සඳහන් කළේය.

අඩු මාසයෙන් දරුවන් බිහිවීම මෙන්ම අඩු බර සහිතව දරුවන් බිහි වීමද මේ ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන නමුත් ඒ සෑම දරුවකුම ඉතා මැනවින් ආරක්ෂා කිරීමට යාපනය ශික්ෂණ රෝහලේ තම කාර්ය මණ්ඩලයට හැකි වූ බවද ඔහු කියා සිටියේය.

 

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න