යුද හමුදා පිල පරදවා නැවියෝ අවසන් සටනට එක් වෙති | දිනමිණ

යුද හමුදා පිල පරදවා නැවියෝ අවසන් සටනට එක් වෙති

ක්ලිෆර්ඩ් කුසලාන රග්බි අවසන් තරගය හෙට

තිළිණ වීරසිංහ මීටර් 50ක දුරින් එල්ල කළ සුපිරි ඩ්‍රොප් ගෝලයත් සමඟ ලකුණු 16-13කින් යුද හමුදා ක්‍රීඩා සමාජය පරාජය කළ නාවික හමුදා ක්‍රීඩා සමාජය පිළිමලුන් පිටුදැකීමේ ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය. ජයග්‍රාහී නාවික හමුදා පිල පසුගියදා පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 23-20කින් පරාජය කළ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය සමඟ හෙට පස්වරු කොළඹ තුරඟ තරග පිටියේදී කුසලානය හඹා යෑමේ සටනට පිවිසෙයි.පෙරේදා පැවැති නාවික - යුද තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිලම ලකුණු 13 බැගින් ලබා සිටි අතර, තිළිණගේ තීරණාත්මක ඩ්‍රොප් ගෝලය එල්ල වූයේ ලබා දුන් අතිරේක කාලයේදීය. පළමු භාගය නිමා වන විට යුද හමුදාව ලකුණු 7-3කින් පෙරමුණ ගෙන සිටි අතර, නාවික හමුදා පිලට එරෙහිව ප්‍රබල අභියෝගයක් එල්ල කළේය.

නාවික හමුදා පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝලයක්, දඬුවම් පහර 2ක් සහ ඩ්‍රොප් ගෝලයක් ඇතුළත් වූ අතර, යුද හමුදා පිල ගෝලයක් සහ දඬුවම් පහර දෙකක් රැස් කළේය.

හෙට පැවැත්වෙන අවසන් මහා තරගයට නාවික හමුදා පිල එක්වන්නේ 2018 වසරින් පසුවය.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න