පැසිෆික් සයුරේ වනවාටු දූපතට 6.5ක භූ කම්පනයක් | දිනමිණ

පැසිෆික් සයුරේ වනවාටු දූපතට 6.5ක භූ කම්පනයක්

දකුණු පැසිෆික් සාගරයේ දූපත් රාජ්‍යයක් වන වනවාටු රාජ්‍යයේ ඊයේ අලුයම රිච්ටර් මාපකයේ 6.5ක අගයකින් යුතු භූ කම්පනයක් සිදු වී ඇතැයි වාර්තා වේ. මේ භූ කම්පනය හටගෙන ඇත්තේ ඊට දින දෙකකට පෙර එම රාජ්‍යයට දැඩි බලපෑම් එල්ල කරමින් හමා ගිය ප්‍රචණ්ඩ සුළිකුණාටු දෙකකින් පසුවය. සුළිකුණාටු ද්විත්වය හේතුවෙන් වනවාටු දූපත් වාසීන්ගේ නිවාස රැසක් විනාශ වී ඇති අතර, දහස් ගණනක ජනතාවට උන්හිටි තැන් අහිමි කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. වනවාටු වැසියන්ට ස්වාභාවික විපත් සාමාන්‍ය සිදුවීම් වූව ද, එහි එක විට සුළි කුණාටු දෙකක් වාර්තා වී ඇත්තේ පළමුවරට බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කර තිබේ.

ලක්ෂ තුනකට ආසන්න ජනගහණයක් සහිත වනවාටු රාජ්‍යය ලොව ස්වාභාවික විපත් සඳහා වැඩිපුරම මුහුණ දෙන රට බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලැයිස්තුගත කර තිබේ.

නව අදහස දක්වන්න