පුතුගේ මරණය අසා මවගෙත් පපුව පැ‍ෙළයි | දිනමිණ

පුතුගේ මරණය අසා මවගෙත් පපුව පැ‍ෙළයි

 

ගවයකු ඇනීම නිසා සිය එකම පුතා මරණයට පත් වූ පුවත ඇසූ වවුනියාව නෙඩුන්කේණී මයිල්වාගනපුරම් ගම්මානයේ මවක දැඩි කම්පනය මත ඇති වූ හෘදයාබාධයකින් 4 දා මියගොස් තිබේ.

වයස අවුරුදු 43ක් වූ රාජරත්නම් කනකරාජා නැමති පුද්ගලයා ගවයන් රැලක් රැගෙන යමින් සිටියදී එක් ගවයෙකු ඇනීම නිසා ඔහු රෝහල්ගත කොට තිබේ. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ තුවාලකරු මියගොස් ඇති අතර එම පුවත ඇසීමත් සමඟ ම කම්පනයට පත් වූ මව බිම ඇදවැටී මරණයට පත්ව තිබේ. දෙදෙනාගේම මළ සිරුරු දෙක නෙඩුන්කේණී මයිල්වාගනපුරම් සුසාන භූමියේදූ 6 දා සිදු කිරීමට නියමිතය.

 

උතුරු පළාත් විශේෂ -  රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න