සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන කොමිසමේ නව සාමාජිකයෝ දිවුරුම් දෙති | දිනමිණ

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන කොමිසමේ නව සාමාජිකයෝ දිවුරුම් දෙති

 

පසුගිය වසරේදී මෙරට ඇති වූ රාජ්‍ය අරාජිකත්වය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් සකස් කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙන් පිහිටුවූ කොමිෂන් සභාවේ සාමාජිකයන් දිවුරුම් දීම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපයේදී පසුගියදා (03) සිදු විය.

දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ භික්ෂූන් වහන්සේට සහ බෞද්ධ සිද්ධස්ථානවලට ‍ පදනම් විරහිත ‍ චෝදනා එල්ල කිරීම, ජනතා පරමාධිපත්‍ය බලයට අභියෝග කරමින් බෞද්ධ විරෝධී ව්‍යාපාර වෙනුවෙන් මුදල් සම්පාදනය කිරීම, උසස් අධ්‍යාපනය හදාරන තරුණ භික්ෂූන් වහන්සේ උපැවිදි කරවීම ඇතුළුව 2022 වර්ෂයේදී මතු වූ කරුණු 15ක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මෙම කොමිෂන් සභාව පත් කර තිබේ. හිටපු දිසා විනිසුරු පර්ල් කරල්ලියද්ද මහත්මිය මේ ස්වාධීන කොමිෂන් සභාවේ සභාපති වශයෙන් පත්ව ඇති අතර, ලේකම් ධුරයට පත්ව ඇත්තේ ආචාර්ය දුලිප් පලිහවඩන මහතාය. සම්මානිත මහාචාර්ය නිමල් ද සිල්වා, මහාචාර්ය මාලනී ඇදගම, ලුතිනන් ජනරාල් ජගත් ඩයස්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ‍ මොහාන් සමරනායක මහත්වරුන් ඇතුළු 21 දෙනකුගෙන් මේ ස්වාධීන කොමිෂන් සභාව සමන්විතය. සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොමිසමේ නව සාමාජිකයන් දිවුරුම් දීම සිදු විය.

මෙතැන් සිට මාස 06ක් මහජන සාක්ෂි විමසන බවත්, පැමිණ හෝ විද්‍යුත් තැපැල් මාර්ගයෙන් සාක්ෂි හා තොරතුරු දීමේ හැකියාව මහජනයාට පවතින බවත් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ මහතා ප්‍රකාශ කළේය.

 

අසේල කුරුළුවංශ

මැග්නා­කාර්ටා පන්නයේ
විරෝ­ධා­කල්ප අවශ්‍ය වී ඇත

නව අදහස දක්වන්න