පාකිස්තානයේ ත්‍රස්තවාදයට හිටපු රජය වගකිව යුතුයි | දිනමිණ

පාකිස්තානයේ ත්‍රස්තවාදයට හිටපු රජය වගකිව යුතුයි

ආරක්ෂක ඇමැතිගෙන් චෝදනාවක්

රට තුළ ත්‍රස්තවාදය පැතිරීමට හේතුව ඉම්රාන් ඛාන්ගේ රජය බව පාකිස්තානයේ වත්මන් ආරක්ෂක ඇමැති කවාජා ආසිෆ් චෝදනා එල්ල කර ඇත. ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තාන ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නම සඳහන් කිරීමෙන් වැළකී සිටි පාකිස්තාන ආරක්ෂක ඇමැතිවරයා පැවසුවේ දීර්ඝ කාලයක් තහනමට ලක්වී සිටීමෙන් අක්‍රිය තත්ත්වයට පත්ව තිබූ පාකිස්තාන තලේබාන් සංවිධානයේ සාමාජිකයන් යළි පාකිස්තානයට පැමිණ ත්‍රස්ත ක්‍රියාකාරකම් ආරම්භ කරනු ලැබුවේ මීට වසර දෙකහමාරකට පෙර බවය. ඒ වන විට පැවැති රජයේ අනුග්‍රහය යටතේ යළි පාකිස්තානයට පැමිණි පාකිස්තාන තලේබාන් සංවිධානයේ සාමාජිකයන් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් යළි ආරම්භ කර ඇතැයි එරට ආරක්ෂක ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.

පාකිස්තාන තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා ආරම්භ කරනු ලැබුවේ ඉම්රාන් ඛාන්ගේ රජය බවත්, දෙපාර්ශ්වය අතර තාවකාලික සටන් විරාමයක් ද අත්සන් තැබූ බවත් පාකිස්තානයේ ඩෝන් පුවත් සේවය සඳහන් කළේය.

නව අදහස දක්වන්න