ඖෂධ හා උපකරණ හිඟය පරදවා තෙල්දෙණිය රෝහලෙන් සාර්ථක සැත්කමක් අන්නස්‍රෝත්‍රයේ පිළිකාවක් ඉවත් කරලා | දිනමිණ

ඖෂධ හා උපකරණ හිඟය පරදවා තෙල්දෙණිය රෝහලෙන් සාර්ථක සැත්කමක් අන්නස්‍රෝත්‍රයේ පිළිකාවක් ඉවත් කරලා

වයස අවුරුදු 67ක කාන්තාවකගේ අන්නස්‍රෝත්‍රයේ තිබූ පිළිකාවක් ශල්‍යකර්මයක් මඟින් සාර්ථකව ඉවත් කිරීමට තෙල්දෙණිය මහරෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් ව තිබේ.

ඖෂධ හා විකිරණ ප්‍රතිකාර මඟින් මේ පිළිකාව ඉවත් කළ යුතු වූවත්, පවතින ඖෂධ හිඟය මධ්‍යයේ තෙල්දෙණිය මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෝසල සෝමරත්න මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම මේ අසීරු ශල්‍යකර්මය සිදු කර තිබීම විශේෂත්වයකි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෝසල සෝමරත්න මහතා මෙසේ පැවසීය: “එන්ඩස්කොපි උපකරණය ආහාර මාර්ගයෙන් ඇතුළු කර බැලූ විට මේ පිළිකා තත්ත්වය දැකගන්න ලැබුණා. මේ කාන්තාව රෝහලට ඇතුළත් වුණේ ඇයට ආහාර ගිලීමේ අපහසුතාවක් තිබෙන බව පවසමිනුයි. ඇයට ඖෂධ හා විකිරණ මාර්ගයෙන් කටයුතු කළා නම් හොඳයි. ඒත් ඖෂධ හිඟයක් පවතින අවස්ථාවේ අප තීරණයක් ගත්තා ශල්‍යකර්මයක් කරන්න. මේ සඳහා ලැපරස්කොපි උපකරණයක් අපේ රෝහලේ තිබුණෙ නැහැ. ඒත් එන්ඩස්කොපි උපකරණය තිබුණා. අප ඒ උපකරණය භාවිත කරලා මේක කරන්න පුළුවන් කියන තැනට ආවත් අප දන්න විදිහට මේ වන තෙක් ලෝකයේ කොහෙවත් එසේ කර නැහැ. මේ වගේ ලැපරස්කොපි සඳහා භාවිත කරන උපකරණ කිහිපයක් තිබෙනවා. අප ඒ සඳහා සිලින්ඩර් කිහිපයක් කපලා ඒ උපකරණ හදාගත්තා. මේ විදියට අපට තිබෙන සම්පත් ගැටහගගෙන අප මේ ශල්‍යකර්මය කළා. මෙය බැරූරුම් සහ සංකීර්ණ ශල්‍ය කර්මයක්. එය සාර්ථක වුණා.“

 

නව අදහස දක්වන්න