මඩවල පිහිටි සතොස ආයතනයට ගොස් රුපියල් 1,900ක් වටිනා භාණ්ඩ කිහිපයක් රැගෙන මුදල් නොගෙවා පළාගිය මැණික්හින්න පොලිසියේ සේවයේ නිරතව සිටින කොස්තාපල්වරයකුව වත්තේගම පොලිසිය විසින් පෙරේදා (05) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම නිලධාරියා යතුරුපැදියක නැඟී මඩවල සතොස ආයතනයට ගොස් ඇත්තේ පසුගිය පෙබරවාරි 26 වෙනිදාය.
භාණ්ඩ මිලදී ගෙන මුදල් නොගෙවා පළාගිය මෙම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් එම සතොස ආයතනයේ නියෝජ්‍ය කළමනාකරු විසින් වත්තේගම පොලිස් ස්ථානයට පැමිණිලිකර තිබේ. ඒ අනුව වත්තේගම පොලිසියේ නිලධාරීන් මෙම නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඔහුව පෙරේදා (05) අත්අඩංගුවට ගෙන ඇත්තේ මැණික්හින්න අටලහගොඩ ඔහු පදිංචිව සිටින නිවසේදීය.
මෙම සැකකාර පොලිස් නිලධාරියාව තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක පුද්ගලික ඇපයක් මත මුදාහැර තිබේ.
ගයාන් කුමාර වීරසිංහ
නව අදහස දක්වන්න