මාර්ග කිහිපයක පෙළපාලි තහනම් කරමින් උසාවි නියෝගයක් | දිනමිණ

මාර්ග කිහිපයක පෙළපාලි තහනම් කරමින් උසාවි නියෝගයක්

මරදාන පොලිස් වසමේ මාර්ග කිහිපයක පෙළපාලි තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. 
 
ඒ, පොලීසිය කළ ඉල්ලීමක් සලකා බලමිනි. 
 
අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි. 
 
මේ අතර, වසන්ත මුදලිගේ ඇතුළු පිරිසකට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද අද පෙරවරුවේ නියෝගයක් නිකුත් කළේ ය.
 
PDF File: 

නව අදහස දක්වන්න