අවසන් කණ්ඩායම තේරීම අප්‍රේල් මුලද
ආසියා යොවුන් නෙට්බෝල් ශුරතාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ක්‍රීඩිකාවන් 18 දෙනකුගෙන් යුත් සංචිතයක් ඊයේ තෝරා ගත් බව වාර්තා වේ. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ තෝරාගත් සංචිතයෙන් අවසන් කණ්ඩායම තෝරා ගැනීම ලබන අප්‍රේල් මාස මුල් භාගයේ දී සිදු කිරීමට නියමිතය.
දමයන්ති ජයතිලක මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා නෙට්බෝල් තේරීම් කමිටුව විසින් තෝරා ගත් යොවුන් නෙට්බෝල් සංචිතයට හිරුණි හේෂානි, නෙත්මි පෙරේරා, නෙතංගා ගුණරත්න, ජිනාලි බාලසූරිය, මිනාගි කංකානම්ගේ, නෙත්මිණි විජේනායක, තරුෂි පෙරේරා, සරසි ගුණසිංහ, චලනි නිෂා, ඩිශාරා උමයංගනී, දෙව්මි බමුණුආරච්චි, උදාරී ගුරුගේ, ඩිල්මි විජේනායක, ඉදූෂා පෙරේරා, සජිනි රත්නායක, එස්.ටී.පතිරණගේ, ජී.ටී.එම්.වසන්තප්‍රිය සහ යූ.ජී.බී.එස්.එන්.උඩගෙදර ඇතුළත් වෙති.
ලබන ජුනි මාසයේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියා යොවුන් නෙට්බෝල් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ පුහුණුවීම් අද (7) ආරම්භ වීමට නියමිතව ඇත. අවසන් ක්‍රීඩිකාවන් 12 දෙනාගේ කණ්ඩායමට අමතරව අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනකු ද අප්‍රේල් මාසයේ මුල් භාගයේදී තෝරා ගැනීමට නියමිතය.
ආසියා යොවුන් නෙට්බෝල් ශූරතාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා ක්‍රීඩිකාවන් 35 දෙනකුගෙන් සමන්විත සංචිතයක් ගොඩනඟා තිබූ අතර, අවසන් ක්‍රීඩිකාවන් 18 අතරට එක් නොවූ ක්‍රීඩිකාවන් ජාතික සංවර්ධන සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ෆවුස් මොහොමඩ්
නව අදහස දක්වන්න