ආසියානු කලාපයේ සුදුස්සන් තේරීමේ තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් පෘතුගාලයේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා රෝද පුටු ටෙනිස් තරගාවලිය (BNP Parisbas World Team Cup - Wheelchair Tennis ) සඳහා සුදුසුකම් ලැබීමට සමත් විය. පසුගියදා තායිලන්තයේ පතායා නුවර පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සුරේෂ් ධර්මසේන, ගාමිණී දිසානායක සහ මංජුල ප්‍රදීප් කුමාර සහභාගි වූහ. ශ්‍රී ලංකා ටෙනිස් සංගමය මඟින් එම තරගාවලියට සහභාගි වු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණුකරු විජයකාන්ත මහතා ද එක්වී සිටියේය.
දකුණු කොරියාව, ඉන්දියාව, පකිස්තානය, චීනය, ඔස්ට්‍රේලියාව සහ තායිලන්තය වැනි ප්‍රබල රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වූ මේ තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා පිල කටුනායක ගුවන්තොටුපොළෙන් පසුගියදා යළි ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ නියෝජිතයෝ ද පැමිණ සිටියහ. ලබන මැයි මස 2 දින සිට 8 දක්වා පෘතුගාලයේ පැවැත්වෙන ලෝක ශූරතා රෝද පුටු ටෙනිස් තරගාවලියට ලොව ප්‍රබල රටවල් 17 ක ක්‍රීඩකයන් සහභාගී වීමට නියමිතය.
ඡායාරූපය - ටී.කේ.ජී.කපිල
කටුනායක ටී.කේ.ජී.කපිල
නව අදහස දක්වන්න