අවුරුදු අසූවේ මිත්තණිය මීටර් 100 දිනයි | දිනමිණ

අවුරුදු අසූවේ මිත්තණිය මීටර් 100 දිනයි

යාපනය වික්ටෝරියා විද්‍යාලයේ පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී ආදි ශිෂ්‍යාවන් සදහා වූ මීටර් සියය දුර දිවීමේ තරගයෙන් අවුරුදු 80 ක කාන්තාවක් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත් වී තිබේ.

ඇය සමග අවුරුදු හතළිස් පහට අඩු ක්‍රීඩිකාවන් 6ක්ද, පනස් පහට අඩු ක්‍රීඩිකාවන් හතර දෙනෙකුද ධාවන තරගයට සහභාගී වූවත් අවසාන මොහොතේදී 80 හැවිරිදි මිත්තණිය සිය උපරිම ජවය විදහා දක්වමින් පළමු ස්ථානයට පත්ව තිබේ.

එස්.මුත්තනී පුනිතාවතී නමැති ඇය යාපනය වික්ටෝරියා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර, රජයේ ලිපිකාරිනියක ලෙස සේවය කර විශ්‍රාම ලැබූ අයෙකි. මේ ධාවන තරගය සඳහා ත්‍යාග පිරිනැමූ අවස්ථාවේදී සැලසුම් කොට තිබූ ත්‍යාගයට අමතරව තවත් ත්‍යාග කිහිපයක් විදුහලේ සංවිධායක මණ්ඩලය විසින් ඇයට පිරිනමා ඇති අතර, තරගය නැරඹීම සඳහා පැමිණි අයගෙන් තවත් මුදල් ත්‍යාග රැසක් ඇයට හිමි වී තිබේ.

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න