ඇමැතිනී ඩයනා ගමගේ
බෙන්තොට සංචාරක කලාපයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් මුහුණ දුන් ගැටලු රැසකට කඩිනම් විසඳුම් දීමට සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පියවර ගෙන තිබේ.
ඒ අනුව බෙන්තොට සංචාරක කලාපය යා කරන බෙන්තොට පාලමේ බොහෝ කාලයක සිට විදුලිය ඇණහිටීමෙන් සංචාරකයන්ට සිදු වූ අපහසුතා මඟහරවමින් එහි විදුලි ලාම්පු දැල්වීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන අතර, මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු වික්‍රමනායක කරුණාරත්න විපුල මහතාට උපදෙස් දීමෙන් අනතුරුව ඒ සඳහා විසඳුම් දීමට ඇමැතිනිය සමත් වූවාය.
මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් සංචාරක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබෙන අතර, එහිදී වැදගත් කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කිරීමට ද නියමිතයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිනිය මෙලෙස ද කීවාය.
"මේ වන විට සියලු විදුලි ලාම්පු දැල්වීමට කටයුතු කර තිබෙනවා. මෙය තාවකාලික විසඳුමක්. මෙයට දීර්ඝ කාලීන ස්ථිර විසඳුමක් ලෙස ස්වභාවික හිරුඑළිය භාවිතය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. අපේ රට ස්වභාවික සම්පත් බහුල රටක්. හිරුඑළිය වසර පුරාම පවතින රටක් වුවත් එය විදුලිය නිපදවීමට භාවිත වන්නේ ඉතා අඩුවෙන්. ලොව දියුණුම රටවල් පවා අද සෝලා විදුලිය භාවිත කරනවා. මෙරට පාරිභෝගිකයාට විදුලිය ගත හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා. ජෙනරේටර්වලින් විදුලිය ගැනීම සලකා බලන්න. එහි නඩත්තුවට ඉන්ධන අවශ්‍යයි. ඉන්ධන ගෙන්වීමට ඩොලර් අවශ්‍යයි. නමුත් සෝලා විදුලියට එහෙම නෑ. වර්තමානයේ පැනල්, බැටරි, ඉන්වර්ට සඳහා විශාල වියදමක් දැරීමට සිදු වෙනවා. මෙයට හේතුවවී ඇත්තේ තීරු බදු සඳහා විශාල වියදමක් දැරීමට සිදු වීම. මෙම උපකරණ සඳහා තීරු බදු ශූන්‍ය කරන්නේ නම් ඉතා අඩු වියදමකට විදුලිය ගත හැකියි.
ප්‍රථම වතාවට සංචාරක කලාප සෝලා විදුලිය භාවිතය පිළිබද කතා කිරීමට හැකි වීම ගැන මම සතුටට පත් වෙනවා. මෙහි නඩත්තුවට මුදල් වැය වීම ඉතා අඩුයි. කාර්මික විද්‍යාලවලින් පාඨමාලා සම්පූර්ණ කරන සිසුන්ට යහපත් රැකියා තොතැන්නක් මේ ක්‍රියාවලියෙන් දීම අපේක්ෂාවයි. ඊට අමතරව ඉන්ධන, ගල් අඟුරු සඳහා බහුලව වැය වන ඩොලර් ඉතිරි කර ගැනීමට ද හැකි වෙනවා."
මහින්ද අලුත්ගෙදර
නව අදහස දක්වන්න