මම පුරපති ධුරයේ ඉන්නා තුරු කිසිවකුගේ අයිතීන් උල්ලංඝනයට ඉඩක් නෑ | දිනමිණ

මම පුරපති ධුරයේ ඉන්නා තුරු කිසිවකුගේ අයිතීන් උල්ලංඝනයට ඉඩක් නෑ

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක

තමා කොළඹ නගරයේ පුරපති ධුරය දරනකල් කිසිම ජාතියකට අයත් සංස්කෘතික සහ ආගමික අයිතිවාසිකම් කිසිවකුට අකර්මණ්‍ය කිරීමට ඉඩ නොදෙන බවත් දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ පවුල්වලටත් එම අයිතිවාසිකම් ලැබෙන බවත් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවැසුවාය.

ඇය මේ බව සඳහන් කළේ බොරැල්ල මැතිවරණ කොට්ඨාසයට අයත් දෙමටගොඩ ආසනයේ පිහිටා තිබෙන මස් සහ එළු මඩු ප්‍රදේශ පිළිබඳ නාගරික මන්ත්‍රීවරුන් වන දයාකාන්ත පෙරේරා සහ එම්. ඩී. සරප්දීන් මහත්වරුන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද කීවාය.

"මේ මස් මඩුව ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් අවස්ථාවේදී මම සමඟ කොළඹ නගර සභාව නියෝජනය කරමින් කටයුතු කරන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් කිසිම කෙනෙක් ඊට කතා කළේ නෑ."

මැද කොළඹ සමූහ

ආරියරත්න ගනේගොඩ

නව අදහස දක්වන්න