එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනී ශාන්තිනී කෝන්ගහගේ
දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තාවට ඉහළම ගෞරවය දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, කාන්තාව රැක ගැනීමට එක්සත් ලක්වනිතා පෙරමුණ කැපවී සිටින බවත් එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනී, හේවාහැට ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පැවැසුවාය.
ඇය මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙලෙස ද කීවාය.
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරය භාරගෙන වසරක් යෑමටත් පෙර ජනතාවගේ ප්‍රශ්නවලට මැදිහත්වී ඒවාට විසඳුම් සොයමින් සිටිනවා. සම්මුතියෙන් කටයුතු කිරීමට සියලු දේශපාලන පක්ෂ නායකයන්ට එතුමා ආරාධනා කර තිබෙනවා. කුඩා පරිමාණ ව්‍යාපාර, අපනයන කර්මාන්ත සඳහා බරපතළ තර්ජනයක්ව පැවති කාලය නිම කිරීමට ජනාධිපතිතුමාට හැකි වූණා. ඔහු අග්‍රාමාත්‍යවරයාව සිටි කාලයේ සමෘද්ධි සහනාධාර වැඩි කිරීමට කටයුතු කළා. අත්‍යවශ්‍ය ඖෂධ සහන මිලට ගැනීමට අවස්ථාව දුන්නා.
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට මැතිවරණයක් අවශ්‍යයි. ජනතාවගේ අදහස දැන ගැනීම සඳහා තමන්ට කැමති පාලන තන්ත්‍රයක් වෙනුවෙන් මැතිවරණයක් ඉල්ලීමේ අයිතියක් තිබෙනවා. මේ සඳහා බියගැන්වීම හැර වෙනත් ක්‍රමවේදයක් ජනතා විමුක්ති පෙරමුණ සතුව නෑ.ඒ බිය ගැන්වීම්වලට රැවටෙන්න එපා. අපේ රට ජාත්‍යන්තර ප්‍රසාදය දිනා ගනිමින් සිටිනවා. හෙට (08) දිනට ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සැමරුම් උත්සවයක් පැවැත්වීමට එක්සත් ලක්වනිතා පෙරමුණ කටයුතු කරනවා. කාන්තාවන්ට මුහුණදීමට සිදු වන පීඩාවන් වෙනුවෙන් ස්ත්‍රී මධ්‍යස්ථානයක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ආරම්භ කිරීමටත්, දැනට නැවතී ඇති සුරක්ෂා රක්ෂණය නැවතත් ගැනීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කිරීමටත් බලාපොරොත්තු වෙනවා."
රංග මධුෂාන්
නව අදහස දක්වන්න