නිදහස් ජනතා සන්ධානයේ මාතර අපේක්ෂකයන් දැනුම්වත් කිරීම ඇරඹෙයි | දිනමිණ

නිදහස් ජනතා සන්ධානයේ මාතර අපේක්ෂකයන් දැනුම්වත් කිරීම ඇරඹෙයි

නිදහස් ජනතා සන්ධානයේ මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන අපේක්ෂකයන් දැනුම්වත් කිරීම ආසන මට්ටමින් මේ වන විට ආරම්භ කර තිබේ.

පළාත් පාලන මැතිවරණය (2023) පැවැත්වීම සම්බන්ධව මතුවී ඇති නවතම තත්ත්වය සහ වර්තමාන දේශපාලන තත්ත්වයන් පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ නිදහස් ජනතා සන්ධානයේ පළාත් පාලන අපේක්ෂකයන් දැනුම්වත් කිරීමේ විශේෂ හමුවීම් කීපයක් පසුගිය (03) සහ (04) මැතිවරණ කොට්ඨාස මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. මෙහි පළමු හමුව කඹුරුපිටියේ දී පැවති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහත්වරුන් සහ පළාත් පාලන අපේක්ෂකයන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න