ශ්‍රීලනිප වැ.බ. මහ ලේකම් සරත් ඒකනායක දයාසිරිට කැපිල්ලක් ද? | දිනමිණ

ශ්‍රීලනිප වැ.බ. මහ ලේකම් සරත් ඒකනායක දයාසිරිට කැපිල්ලක් ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම කර ඇත.

සරත් ඒකනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ධුරයද දරමින් සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා දයාසිරි ජයසේකර මහතා සහ තවත් එහි ප්‍රබලයෙක් ගෙනගිය වැඩපිළිවෙළක් හෙළි වී මෙම තනතුරින් ඔහු ඉවත් කරන්නට ඇති බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිනමිණ‘ සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න