නිර්පාක්ෂික නමින් කොළඹ දී සංවිධාන කර තිබූ රැස්වීමක් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඇමතීමෙන් පසුව ඔහුට එරෙහිව දැඩි විරෝධතාවක් පැමිණ සිටි පිරිස් වෙතින් එල්ල විය.
අරගලකරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, වෘත්තිකයන් හා කලාකරුවන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සංවිධාන කර තිබිණි.
ෆොන්සේකා මහතා එම සභාව අමතා වේදිකාවෙන් බැස ගිය පසු සභාවේ සිටි පිරිසගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
එහිදී නිර්පාක්ෂික යැයි කියා ගන්නා පිරිස වේදිකාවට නැඟ සරත් ෆොන්සේකා මහතාට එරෙහිව සිය අදහස් ඉදිරිපත් කරන ලද අතර, සමඟි ජන බලවේගය නියෝජනය කරන සරත් ෆොන්සේකා මහතා නිර්පාක්ෂිකයෙක් දැයි ප්‍රශ්න කර සිටියහ.
නව අදහස දක්වන්න